photography

Wednesday, November 29, 2017

ලෝවාමහාපාය

                       ලෝවාමහාපාය යනු ක්‍රි:පු 1වන සියවසේ දි මහා විහාරය ඉදිකරනු ලැබූ උපෝසථාගාරයකි. මෙය අනුරාධපුරයේ පිහිටා ඇත. එහි වහලය ලෝහ උළු වලින් කල නිසා ලෝහ   යනුවෙන් ද හැදින්විනි. ලෝවාමහා ප්‍රසාදය කරවන ලද්දේ දුටුගැමුණු රජතුමා විසිනි. මෙහි මහල් නවයක් වු බව වංශ කතා වල සදහන් වේ. දැනට මැදින් ඇති කුඩා ගොඩනැගිල්ල නවීන එකක් වන නමුදු විහාරයේ පෝය කර්ම සදහා බෝධිමළු පරපුරේ භික්ෂූන් වහන්සේලා තවමත් මෙම ස්ථානය පාවිච්චි කරනු ලබයි.

Monday, November 27, 2017

අභයගිරි දාගැබ

         ඉතා පැරැණි ඉන්දියාවේ නාලන්දා, ජගන්දලා, වික්‍රමශිලා වැනි බෞද්ධ ආගමික විශ්ව විද්‍යාල ගණයට ඇතුළත් කල හැකිය. මෙහි රත්නප්‍රාසාදය දිවිය විමානයක් බදු වු බව කාශ්‍යප අභයගිරි ශිලා ලිපියේ දක්වයි. කලා නිර්මාණ අතර  ප්‍රමුඛස්ථානය ගන්නා මුරගල්, සඳකඩ පහණ, කුටිටමි පොකුණ, සමාධි බුදු පිළිමය ආදිය මෙහි පිහිටා ඇත. වලගම්බා රජුගේ දෙවැනි පාලන සමයේ  (කි:පු 89 සිට 77 දක්වා) ඒ රජතුමා විසින් අභයගිරි තනවන ලද්දේය. තිස්ස නමි තරුණ බහ්මනයකු හා දෙමළ හමුදාවේ ආක්‍රමණ හමුවේ රජු සිහසුන අතහැර කඳුකරයට පලා ගියේය. මෙසේ පලා යද්දී  ජෛන ආශ්‍රමයක සිටි ගිරි නමි පුජකයකු දැක " මහ කලු සිංහලයා පලා යනවා" යැයි කෑ ගැසීය. වසර 14කට පසු භාතිය නමි දෙමළ රජු පරදවා නැවත රජවී එසේ කෑ ගැසු තැන අභයගිරි තනවන ලද්දේය.

Sunday, November 26, 2017

ථුපාරාමය.

මිහිඳු හිමියන් වැඩම කිරීමෙන් පසු දෙවන පෑතිස් රජතුමා කරවු පළමු ස්තුපය මෙයයි. මෙහි නිදන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ දකුණු අකුදාතුවයි. මෙය නිදන් කිරීමත් සමග ධාතු වන්දනාව මෙරට ඇරඹුණි. ප්‍රථම චේතිය නිසා පඨමය චෛත්‍යය නමි වේ. සමාරම්භයේදි ස්තුපය ධාන්‍යාකාර හැඩයෙන් යුක්ත වුවද 1864 ප්‍රතිසංස්කරණ වලින් පසු ඝංටාකාර හැඩයක් ගෙන ඇත. මේ ආශ්‍රිත කැටයමි හා වෙනත් ස්ථානයන් ද එනම් ඇත් පොකුණ, බෝධිඝර, පිළිමගෙය, චේතිය, දානශාලාව හා මෙහෙනි ආරාමයක් ද දක්නට ඇත.

Monday, November 20, 2017

පඩුවස්නුවර

         වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන පඩුවස්නුවර රාජධානිය කොළඹ සිට කි:මි 122 ක් ද, කුරුණෑගල නගරයේ සිට කි:මි 30ක් පමණ දුරින් කුරුණෑගල හලාවත මාර්ගයේ පිහිටා ඇත.

         වර්තමානයේ දක්නට ලැබෙන පඩුවස්නුවර රාජධානිය අයත් වන්නේ ක්‍රි:ව 12වන සියවසට ය. පොළොන්නරුව රාජධානියේ පළමු රජතුමා වු මහා විජයබාහු රජුගේ කාලයේ මයා රට පාලනය ලබාගත් ඔහුගේ පුත් පරාක්‍රමබාහු යුව රජතුමා ස්වකීය රාජධානිය බවට පත්කර ගත්තේ පඩුවස්නුවර රාජධානියයි. ඒ අවදියේදි මෙම ප්‍රදේශය පරාක්‍රම පුර නමින් හදුන්වනා තිබේ.
    
        මෙම ජනප්‍රවාද වලට අනුව මෙම ප්‍රදේශය විජය රජුගෙන් පසුව රජ වී පැමිණි පණ්ඩුවාසුදේව රජුගේ බවටද මතයක් පැවතුනත් එය ඔප්පු කළ පෙන්වීමට තරම් ප්‍රමානවත් සාධකයන් හමුවි නැත. හෙක්ටයාර 20ක් පමණ භූමි ප්‍රමාණයක පවතින පඩුවස්නුවර රාජධානිය පුරාවට කැනීමි නොකරන ලද ස්ථාන ද තවමත් ශේෂව පවති. මෙම ප්‍රදේශය ට ඇතුළු වීමත් සමග දක්නට ලැබෙන්නෙ පරාක්‍රමබාහු රජුගේ රාජ මාලිගයේ නටඹුන්ය. රාජ මාලිගයට අයත් ප්‍රදේශය පිටතින් මි: 6ක් පමණ පළල දිය අගලකින් වටකොට ඇත. මැද මිදුල කින් සමන්විත වන රජ මාලිගය සර්ව සම්පූර්ණ සාදා තිබු බවට සාක්ෂි තවමත් දක්නට ඇත. මෙහි භූමි සැලස්ම පොළොන්නරුවේ දක්නට ලැබෙන පරාක්‍රමබාහු රජතුමාගේ මාලිගයහි සැලසුමට බෙහෙවින් සමානයි. රාජ සභාවේ රජුගේ සිංහාසනය පවා තිබු ස්ථානය හදුනාගෙන ඇත.

            12 වන සියවසේ බොහෝ නිර්මාණ වල මෙන්ම මෙම ස්ථානයට වරක් පැමිණි කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු විසින් ස්ථාපනය කරන ලද සෙල්ලිපියක්ද දක්නට ලැබේ. නමුත් එහි සදහන් කරුණු මොනවදැයි යන්න හදුනා ගැනීමට නොහැක.
        
             ඇතුළු නුවර මාළිගයට උතුරින් හා දකුණින් සංඝාවාසය කිහිපයක නටඹුන් දක්නට ලැබේ. එම සියලුම පිළිමවල්, ආවාස, උපෝසථාගාරය, දාගැබ් හා බෝධිඝර යන පංචායතන වලින් පරිපුර්ණයි.

Sunday, November 19, 2017

මිරිසවැටිය

          මිරිසවැටිය චෛත්‍යය ඉදි කිරීම සමිබන්ධව ප්‍රධාන මත දෙකක් තිබේ. එයින් වඩාත් ප්‍රසිද්ධ හා ඓතිහාසික මතය මිරිස්  මාලුව හා සමිබන්ධ කථා පුවතයි. මහා වංශයේ සඳහන් පරිදි දුටුගැමුණු රජු අත පසුවීමකින්  භික්ෂූන්ට අග්‍ර කොටසට පිළි නොගන්වා මිරිස් මාලුවක් ආහාරයට ගත් නිසා මිරිසවැටිය නමින් දාගැබක් ඉදිකර එය භික්ෂූන් වහන්සේලාට පිළිගැන්වු බවයි. අනෙක් මතය නමි දුටුගැමුණු රජු එළාර රජු සමඟ සටන්කොට ජය ලබා අභිෂේක කොට හත්වැනි දින ජල කෙලියට තිසා වැවට බසින විට මිරිසවැටිය ඉදිකර ලද ස්ථානයේ තම සධාතුක ජය කොන්තය තැබූ බවත් පසුව එය ගැන්මට හැදුවත් එය සෙලවීමට නොහැකි වු බවත් එයද තැන්පත් කොට මිරිසවැටිය කරවූ බවත් ද කියවේ. ථුපයේ හා ආරාමයේ වැඩ වසර තුනකින් නිම කරන ලද අතර මිරිසවැටි උත්සවයට භික්ෂූ භික්ෂුණීන් ලක්ෂ දෙකක් පමණ සහභාගි වු බව කියැවේ.

Friday, November 17, 2017

දඹුල්ල රජ මහා විහාරය.

දඹුල්ල රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ මධ්‍යම ප්‍රදේශයහි මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මෙම විහාරස්ථානය කොළඹ ට කි:මි 148ක් ඊසාන දෙසින් හා මහනුවරට කි:මි 72ක් උතුරින් පිහිටා ඇත. මෙය ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණයයි. හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරිෂිකරය මි:  160ක් අහස උසට පැන නගි. මෙහි අවට ප්‍රලේකගත ලෙන් 80කට වැඩි ගණනක් ඇත. මේ අතුරින් පිළිම හා සිතුවම් අඩංගු ලෙන් 5ක් තුළ ප්‍රධාන ආකර්ෂණ අඩංගු වේ. මෙම සිතුවම් හා බුදු පිළිම බුදු රජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැදුනු ඒවා වෙති. මුලු මනින් ම බුදු පිළිම වහන්සේලා 153ක් ද, ශ්‍රී ලංකාවේ රජවරු 3 දෙනකුගේ පිලිම ද දේවතා හා දේවතාවියන්ගේ පිළිම  ද මෙහි ඇත. එමෙන්ම විෂ්ණු හා ගණ දෙවි යන හින්දු දෙවිවරුන්ගේ පිළිම 2ක් වෙති.

            දඹුල්ල ලෙන් සංකීර්ණය අසබඩ ඉබන්කටුව ප්‍රදේශයහී වසර 2700 කට වඩා පැරණි  මානව ඇටසැකිලි සහිත සුසාන භුමි සොයාගෙන ඇති බැවින් බුදු දහම ලංකාවට අවතීර්ණ වීමට පෙරාතුව මෙම ලෙන් සංකීර්ණය තුළ ප්‍රාග් ඓතිහාසික ශ්‍රී ලංකිකයන් දිවි ගෙවු බව අනුමාන කල හැක.

රුවන්වැලි සෑය.

            අටමස්ථානයන්ගෙන් සුවිශේෂීතම සිද්ධස්ථානක් ලෙස රුවන්වැලි මහා සෑය දැක්විය හැකිය. අනුරාධපුර නව බස් නැවතුම්පොළහි සිට  කි: ම 2ක් පමණ පුජා නගරයට අවතීර්ණ වීමට ඇත. දෙවන පෑතිස් රජු රුවන් මලුව නමි ශිලා ස්ථම්භයක් තම මුණුපුරකු අනාගතයේදී මෙම ස්ථානයක් කරවන බව සඳහන් කර ඇත. මෙය දැක දුටුගැමුණු රජු මෙහි මහා සෑය කරවූ බවත් පසුව එය රුවන්වැලි සෑය ලෙස ප්‍රරසිද්ධ වී ඇත. මහා වංශයේ සඳහන් වන ලෙස විෂ්කම්භයෙන් අඩි 370ක් පමණ වු ස්තුපය ගිලා නොබැසීම සදහා රියන් සතක් ගැඹුරට අත්තිවාරම් කපා ගල් දමා  ඇතුන් ලවා පගවා සිනිදු මැටි යොදා යකඩ දැල් දමා ශක්තිමත් කර අයුරු සදහන් කොට ඇත. ධතු ගර්භය ගල් පුවරු හයකින් යකඩ දැල් දමා ශක්තිමත් කර අයුරු සදහන් කර ඇත.

                 ධාතු ගර්භය ගල් පුවරු  හයකින් නිමවා ඇත. එහි රතින් කළ බෝ රුකක් හා එහි සෙවනේ වැඩ සිටින බුදු පිළිමයක් ද ශක්‍ර, බිරහ්ම, පංච, සිඛ, කළ නාග පිරිවරද තැබිය. බුද්ධ චරිතයේ බොහෝ කථා සිතුවමට නගා ඇත. මෙහි වැඩ දුටුගැමුණු රජ සමයේ නිමාකළ නොහැකි වුයෙන් සද්ධාතිස්ස රජු සතරැස්   කොටුවේ  ඉහලින් ජත්‍ර ය ලංජ තිස්ස රජු පේසාවේ ගල් ඇලවීමද සිදු කර අතර සතරැස් කොටුව, දේවතා කොටුව සහ කොත් කැරැල්ල පස්වන සියවසෙන් පසුව ඉදිකර ඇත. ධාතුසේන රජු මෙහි ජත්‍ර ය පිළිසකර කර ඇත. රුවන්වැලි සෑය ආශ්‍රිත වෙනත් කැටයමි හසථිවේදය, ඇත් පවුර, පස් පිළිම ගෙය,  බුදුරදුන්ගේ සිරිපතුල පිහිටි ගල, කඩොල් ඇතුගේ ගල, සළපත මලුවේ කවය, කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල ලිපිය භාතිකාභය රූපය හා දුටුගැමුණු රූපය ගල් ටැඹ, ශිලා චේතිය, එළාර සොහොන යන ස්ථානයන් ද මේ අසල පිහිටා ඇත.

Thursday, November 16, 2017

රිදී විහාරය


කුරුණෑගල නගරයේ සිට කැප්පිටිගල මාර්ගයේ රිදීගම නගරය පසුකර මදක් දුරට යන විට අඩි 200ක් පමන උස කදු මුදුනක පැරණි කටාරම් කෙටූ ගල්ලෙන්, ගල් ගුහා සහ පොකුණු ආදියෙන් සැදි පුරාවිද්‍යාත්මක  වට්නාකමකින් යුත් ආරාමයක නටඹුන් දැකිය හැක. අවු: 2000ක් පමණ ඉතා දිගු ඉතිහාසයක් ඇති මුල් කාලයේ දී වනවාසී රහතන් වහන්සේලාගේ සේනාසනයක් ලෙස මෙම රිදී විහාරය පැවති ඇත. ලංකා ඉතිහාසය තරම්ම දිගු ඉතිහාසයක් මෙම විහාරය ඇත. මෙය රිදීගමට සමිබන්ධ වන්නේ දුටුගැමුණු රජුගේ පුවත ඇසුරිනි.

           රිදී විහාරයේ නටඹුන් ප්‍රධාන කොටස් 3කි. එනමි මහා විහාරය, උඩ විහාරය හා වරකා වැළදු විහාරය යනුවෙනි. මෙම කොටස් තුනහිම ගල්ගුහා ඇත.  මෙයින් පැරැණිතම විහාරය වන්නේ උඩ විහාරයයි. එයට ඇතුළුවන දොරටුව අසල ඇති තොරණේ දේව රුප හා සත්ව රූප වලින් හින්දු සමය නිරුපණය කරයි.

         උඩ විහාරයට යාමට ඇති දොරටුව අසල ඇත්දළ කැටයමි වලින් යුත් උළුවස්ස රිදී විහාරයේ ප්‍රකට කැටයමකි. දේශීය කැටයමි වලින්  අලංකාර කර ඇති මෙය ලංකාවේ එකම ඇත්දළ උළුවස්සයි. මෙම විහාරය තුළ ඇති ප්‍රතිමාවන් අතර රන් ආලේපිත පිළිමය, දහ අට රියන් සැතපෙන පිළිමය., මෛත්‍රි බෝසත් පිළිමය ඉතා පැරැණි එවා වේ. එහි ඉදිරියෙ ඇති මල් අසුන අන් කිසිදු ස්ථානයක දක්නට නැති පිගන් ගඩොල් සවිකර ඇත. මෙම පිගන් ගඩොල් මහනුවර සමයේ සවිකර එවා වේ. සැතපෙන පිළිම පාමුල දුටුගැමුණු රජුගේ රුව ද, මෛත්‍රී බෝධිසත්ව පිළිමයද අඹා ඇත. මෙම පිළිමයට සමාන්තරව වම් පැත්තේ හිටි පිළිම නවයකි. මෙම ලෙන් විහාරය මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදාය නිරුපණය කරයි. උඩ විහාරය වැදගත් වන්නේ එහි ඇති සිතුවම් නිසාය.

         මෙම විහාරයේ තවත් වැදගත් අංගයක් ලෙස වරකා වැළදු විහාරය හැදින්විය හැකිය. එය තනි කළුගලින් නිමවුවකි. එම ලෙන තුළ බුදුරුව සහිත මල් අසුනක්ද, පිටත ශෛලමය මණ්ඩපයක් ලෙසද නිමවා ඇත. ඒ තුල සමාධි පිළිමය හා ඊට පිටුපස මකර තොරණ ඇත. එය රහතන් වහන්සේලා වරකා වැළදු තැන ලෙස සලකයි. මෙය මුර්ති හා කැටයමි වලින් පිරී පවති. එම නිර්මාණ තුළද හින්දු බලපෑම් කැපී පෙනෙයි.

    මෙහි අනෙක් වැදගත්ම අංගය වන්නේ විහාරය පිහිටි ස්ථානය හෙවත් සැලසුම්ගලයි. ඉපැරණි ආරණය සේනාසනයක්ව පැවති සමයේ මේ ස්ථානයේ වැඩ සිටි රහතන් වහන්සේලා හා යෝගාවචරභික්ෂූන් වහන්සේලා භාවනායෝගීව සිටිමත් වෙනත වතාවත් සදහා සැරසුනු ගල් තලාව කි.
     
     

Tuesday, November 14, 2017

අරන්කැලේ.

        කුරුණෑගල නගරයේ සිට කි: මි 20ක් පමණ දුරින් පිහිටි අරන්කැලේ ඓතිහාසික පුණ්‍ය භූමිය වෙත ලගා විය හැක්කේ කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉබ්බාගමුව මොරගොල්ලාගම මාර්ගයේ කුඹුක්වැව නගරය ආසන්නයේ ඇති ගොඩගාල හන්දියෙන් හැරී බැන්නක්ගම මාර්ගයේ සැතපුම් 2  1/2ක් පමණ දුර ගමන් කිරීමෙන්
  
            අරන්කැලේ ඓතිහාසික විහාරාරාම සංකීර්ණය ඓතිහාසික වශයෙන් ඉමහත් වැදගත්කමක් උසුලන ප්‍රදේශයකි. මෙම නටඹුන් එකල අනිවාර්යයෙන්ම භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතාවයන් ඉටුකිරීම සදහා ඉදිකර තිබූ බව සනාථ වී ඇත. එහෙත් මෙම ආරාම සංකීර්ණය ගැන හැදෑරීමට ඇති ලිඛිත මුලාශ්‍ර සීමිතය.

         පුරාවිද්‍යා භූමියේ නටඹුන් ක්‍රි : ව 6 වෙනි 7 වෙනි සියවස් වල අයිති පුරාවිද්‍යාත්මක අංග ලක්ෂණ විදහාපාන බව පුරාවිද්‍යාත්ඥයින්ගේ මතයයි. මෙම ස්ථානය මලියදේව මහරහතන් වහන්සේට පුජා කළ බව තල්පත්වල සදහන් වේ.
   
                  රිදී විහාරය කරවා ආපසු එන ගමනේදී දුටුගැමුණු රජු මෙම ස්ථානයේ ඇති ගල්ලෙනක් දැක විහාරයක් කරවන්නට සුදුසු තැනක් යැයි සද්ධාතිස්ස රජු මෙම ස්ථානයේ පොකුණු හා කුටි ඉදිකර මලියදේව රහතුන් වහන්සේට පුජා කල බවත් ජනප්‍රවාදයේ එයි.

මෙම විහාරය හදුන්වා ඇති නම්.

    අරම විහාරය, දුම පබිබත විහාරය

          මෙම ස්ථානයට අරන්කැලය යන නම අනුවර්තනය වූයේ කෙසේ දැයි සොයා බලන විට පෙනීයන්නේ අරන් යනු රහත්, අරහන් යන්නද කැලේ හෙවත් වන පෙත යන්න ගලපා බැලු විට රහතුන් වහන්සේලා විසු කැලය අරහන් කැලය බවට පත් වු බවට මතයක් තිබෙයි.
     
        අරන්කැලේ ආරණ්‍ය සේනාසනයේ විශාලත්වය ගැන සලකා බලන විට භික්ෂූන් වහන්සේලා සැලකිය යුතු ප්‍රමාණයක් මෙම ස්ථානයට එක්ව එකවර ස්නානය කිරීමට සැලසුම් කරන ලද්දක් බව පැහැදිලිව පෙනේ. මෙම ස්ථානයේ හමුවී ඇති සක්මන් මලුව නොහොත් චක්මනාගාරය ගොඩනැඟිලි වලින් වටිනාම ඒකකය වේ. මෙම ඒකකය අංගසම්පූර්ණ එකකයක් ලෙස අතීතයේ පැවති ඇත. මෙහි සාමාන්‍ය චංකමනයක් ලෙස නොවන සක්මන් මාරුවක් ලෙස හදුන්වනු ලබන්නේ එයට වහලයක් තිබු හෙයිනි. ශ්‍රී ලංකාවේ වහලයක් සහිතව තිබු එකම චක්මනාගාරය ලෙස ඔප්පු කර දැක්විය හැකි සාධක තිබේ. මෙහි දිග මි : 2840ක් ද, පළල මි: 16.88 කින්ද සමන්විත වේ.

          මෙයට ඉදිරියෙන් ඇති පෙත් මගට මි:1 ක්‍ පමන වු පියගැටපෙළින් වමට හැරුණු විට හමුවන විශාල ගොඩනැඟිල්ල ආරාමයක් යැයි හදුනාගෙන ඇත. මෙය සිමා මාලකයක් ලෙස ද හදුන්වනු ලබයි. එසේ හැදින්විමට හේතුව නම් දිග අගලකින් වටකොට තිබීමයි. 

           මේ අසලම තවත් කුටියක් ඇත. එය හදුන්වන්නේ "සමිමුචලෙන" යන නාමයෙනි. ඇතැමි විට ආරන්ය සේනාසනයේ පැමිනෙණ ගිහියන් කෙලින්ම එහි නිවැසි භික්ෂූන් වහන්සේලා වෙත නොපැමිණමේ කුටි තුල නවාතැන් ගන්නට ඇතැයි සැලකිය හැකිය. මෙම කුටියෙත්, ප්‍රධාන භික්ෂූන් වහන්සේලා වැඩ සිටින සංඝාවාසය අතර ඇති දුර ප්‍රමාණයත් පිහිටිම සලකන විට මෙම නිගමනයට බැසිමට එතරම් අසීරු නොවේ. මෙම කුටියේ බිම සවකසට ඇත්තේ මනාව සකසන ලද ගල් පුවරු සතරකිනි. මෙම ගොඩනැඟිල්ල අඩි 15 × 15 ප්‍රමාණයේ කුඩා සමචතුරශ්‍රාකාරකින් යුක්තයි.

               මෙම භුමියේ පධානඝරය නමින් හදුන්වනු ලබන ගොඩනැඟිල්ලක් ඇත. මෙය ඉතා හොදින් ආරක්ෂා වී ඇත. එය ගල්පාලමක් මගින් සමිබන්ධ කරන ලද ආයත චතුරශ්‍රාකාර වේදිකා දෙකකින් සමන්විත වේ. මෙයට පිවීසීමට උතුරින් හා දකුණින් කුඩා සෝපාන පථ දෙකකි. වම් පස ඇති මලු වටා දිවෙන පරිදි ජලය මාර්ගයක් ඇත. මෙම ස්ථානයේ ඇති පොකුණු සදහා භුමි භාගය ලෙස තෝරාගෙන ඇත්තේ කන්දේ සිට ගලාගෙන එන දියුණු පහර වලින්  පොකුණු වලට ජලය ලබාගත හැකි වන ආකාරයේය. සමස්ථයක් වශයෙන් බලන විට පොකුණු සියල්ලම ඉදිකර ඇත්තේ පහත් බිමේය. දුර දර්ශී සැලසුමකට අනුව මෙය ඉදිකර ඇත.

              අඩි 21 000ක් පමණ දිග පෙත් මග සකස්කිරීමේදි පිහිටීම අනුව සැලසුමි කොට ඇත. වර්තමානයේ මෙහි දෙපස ඉතා පැරණි රූස්ස ගස් වලින් යුක්ත වේ. පෙත්මග දිගේ ගමන් කරන විට චක්ර මණ්ඩපයක් යයි හැදින්වෙන ගලින් සැකසු කවාකාර මළුවක් හමු වේ. පෙත්මග අවසානය වන්නේ දැනට හමුවී ඇති ඉපැරණි ලෙනකි. මේ පෙත්මග හරහා ගලන ජලය පිටවී යාම සදහා සදහා ගල් පාලමි 4ක් ඇත. කන්දේ ගලා බස්නා ජලය මේ පාලමි ඔස්සේ ගොස් විශාල ජලාශයකට එක්රැස් වේ. පෙත්මග අවසානයේ ඇති ගල්ලෙන ඉදිරිපස කොටස ගලෙන් බිත්තියක් බැද සකස්කොට ඇත. ඊට ඉදිරිපස ආලින්දයක් ද ගලින් නිර්මාණය කොට තිබිණි. 

           මෙම පෙත්මග අවසානයේ ඇති ගල්ලෙනේ ඉදිරිපස කොටස ගලෙන් බිත්තියක් බැද සකස්කොට ඇත. ඊට ඉදිරිපිටින් ආලින්දයක් ද ගලින් නිර්මාණ කොට තිබී ඇත. මෙම ලෙනේ දෙපසින් කුඩා වැටි දෙකකි. මැද කොටස බුදු මැදුරකි. දකුණු පස කුටියෙන් හිස්ය. මේ කූටි දෙකට ආලෝකය හා වාතාශ්‍රය සදහා කුඩා ගල් ජනෙල් කවුළු 2කි. මෙය මලියදේව ලෙනේ වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නමි කර තිබේ. ශ්‍රී ලංකාවේ අවසානම රහතන් වහන්සේ මෙම ලෙන තුළ වැඩ සිටි බව ජනප්‍රවාදයේ එයි.

Saturday, November 11, 2017

හන්තාන

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මහනුවර නගරයට ආසන්නයේ පිහිටා ඇති හන්තාන කදු වැටිය ශ්‍රී ලංකාවේ සුන්දරම කඳුවැටියයි. මහවැලි ගගේ අතු ගංගා නිම්න වලින් වෙන්වී  ඇති මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1240 ක් දක්වාම විහිදී ඇත. මෙය මහවැලි ගගේ ජල පෝෂක ප්‍රදේශයකි. කඳුවැටිය හරහා ගලා බසින ගැරඬි ඔය, දොඩම් ඔය, මහ ඔය, ගොල්ල ඔය, කුඩා ඔය වැනි අතු ගංගා රැසකට ජලය ලබාදේ. මෙම කඳුවැටියට ඇතුල් වීම සදහා මාර්ග කිහිපයක් පවති.

   * ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විකාශනාගාරයට පිවිසෙන මාර්ගය.

   * උඩවලව හන්තාන දක්වා ඇති මාර්ගය.

   *  මහ කන්ද සරසවිගම දක්වා ඇති මාර්ගය.

              දේශගුණය

               හන්තාන කදුවැටි මධ්‍යම කඳුකරයේ අතරමැදි තෙත් කලාපයට අයත් ය.  මිලිමීටර් 2000ක් පමන වන වාර්ෂික  වර්ෂාපතනය වසර පුරා නිරිත දිග හා ඊසාන දිග  මෝසම් මගින් පෝෂණය ලබයි. එම නිසා සෙල්සියස් අංශක 23 - 25 අතර උෂ්ණත්වයක් ඇත.

Friday, November 10, 2017

ශ්‍රී දළදා මාලිගය

         ශ්‍රී දළදා මාලිගාව යනු බුදු රජාණන් වහන්සේගේ වම් දන්ත ධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාලිගාවයි. වර්තමාන දළදා මාලිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත.  උඩරට රාජ්‍ය සමයේ (1592 - 1815) මෙය පිහිටා තිබුනේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළමයි. ශ්‍රී දළදා මාලිගය මුල් වරට ගොඩනගනු ලැබුයේ පළමු වන විමලධර්මසූරිය රජතුමා විසිනි. එතුමා ඉදිකල ශ්‍රී දළදා මාලිගාව පෘතුගීසි ආක්‍රමණයෙන් විනාශ කලහ. දැනට දක්නට ලැබෙන පැරනි දෙමහල් මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ  (1707 - 1739) ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර  සිංහ රජතුමා ය. ඉන්පසු රජ වී පැමිණි නානයක්කාර වංශික ද්‍රවිඩ රජවරු පවා දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ.  දළදා මාලිගාව පිහිටා ඇත්තේ  මහනුවර නගරයේ මය. යුනෙස්කෝ  විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.

          මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේම ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පුජා සත්කාර කරති. මෙම පුජාව නොහොත් තේවාව දිනකට තෙවරක් එනම් අලුයම, දහවල් සහ සවස ලෙස පවත්වනු ලබයී. බදාදා දින වල විශේෂ පුජාවක් ලෙස නානුමුර මංගල්‍ය පවත්වයි. මෙහිදී සුවද ගැල්වූ ඖෂධීය ජලය සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයී. මෙම ජලයෙන් ස්නානය කිරීමෙන් ලෙඩ රෝග සුව කිරීමේ ආනුභාවයක් පවතින බව විශ්වාස කෙරේ.

          මෙය හදුන්වන වෙනත් නම්

දළදා වහන්සේ වැඩ සිටි මන්දිරය , ධාතුඝර , දළදා ගේ , දළදා මාලිගය ආදි නමි වලින් හැදින්වු බව පෙනේ.

           දළදා මාලිගාවේ පිහිටිම.

     සෙන්කඩගල රාජකීය පරීක්ෂය තුළ දළදා මාලිගාව පිහිටා ඇත. මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැලයත් හන්තාන කදුවැටිය එක පසකින් හා බහිරව කන්ද තවත් පැත්තකින් වට මහනුවර රාජධානිය සෞම්‍ය දේශගුණයකින් යුක්තය. ඕනෑම භෝගයක් වැවීමට තරම් සශ්රීකය. අලුත් නුවර, මැද මහනුවර නුවර, හඟුරන්කෙත නුවර, සෙන්කඩගල නුවර දළදා වහන්සේගේ ආරක්ෂිත ප්‍රදේශ වේ.

        

      

Wednesday, November 8, 2017

අමිබුළුවාව

 
    ගමිපොළ නගරයේ සිට හෙම්මාතගම මාර්ගය දිගේ කි:මි 5ක් පමණ යද්දී අමිබුළුවාව කදු මුදුනට ප්‍රවේශ මාර්ගයට යන්න පුළුවන්. අක්කර 927ක් පමණ භූමි භාගයක විසිර පවතින කදු ගැටය අනෙකුත් කදුවැටි වලින් වෙන්ව හුදෙකලාව පවතිනවා මුහුදු මට්ටමින් අඩි 3567ක් උස කදු ගැටය මත පිහිටි චෛත්‍යය නිසාවෙන් මෙය අපුර්ව ස්ථානයක් බවට පත්වි තිබෙනවා ගම්පොළ නගරයේ සිට බලන්නෙකුට පහසුවෙන් මෙම චෛත්‍යය දැක ගන්නට පුළුවන්.

        කන්ද පාමුල සිට පයින් ගමන් කරන්නත් පුළුවන්. එ වගේම චෛත්‍යය පාමුල දක්වාම වාහන වලින් යන්නත් පාර හදලා තියෙන්නවා. එත් ගොඩක් අය මෙහි අපුර්වත්වය විද ගැනීම උදෙසා මුළු දුර ප්‍රමාණයම පයින් ගමන් කරනවා. වටපිටන් එන සිසිල් සුළඟත් සමග ගහ කොළ වලින් වැසුණු මාර්ගයේ සෙවන නිසා මෙම මුළු දුරම පයින් ගමන් කරන්නන්ට වැඩි මහන්සියක් දැනෙන්නේ නැහැ.

Tuesday, November 7, 2017

සීගිරිය

පෞඪ ඉතිහාසයකට නෑකමි කියන සිංහල දේශයේ තවත් අභිමානනීය උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේද වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පයේ ලොව අටවෙනි පුදුමයට පත්වන්නට තරම් උතුම් මහා කලා ගාරයකි. අපේ වංශ කතා වලට අනුව සීගිරි කථා පුවත ගොඩ නැගෙන්නේ සීගිරියේ නිර්මාතෘවරයා වුත්   දුක්මුසු අවසානයකට භාජනය වන පළමු වන කාශ්‍යප රජු වටාය. මෙම මහා කලා ගාරය පිහිටා තිබෙන්නේ කොළඹ - ත්‍රිකුණාමලය මාර්ගයේ දඹුල්ල  සිට සැතපුම් 9 ක් පමණ උතුරු දෙසට වන්නටය. සීගිරිය මාතලේ දිස්ත්‍රික්කයේ උතුරු දිග තැනිතලාවේ දකුණු සීමාවහි මලය රට කදු පාමුලට කිට්ටුව ඉනලමර්උව කෝරලයේ ශේෂ කදු පන්තියක් ලෙස පිහිටා ඇත. මෙම පර්වතය තැනිතලාවේ සිට අඩි 600ක් පමන ඉහලට නැගි සිටි. දිගින් කි:මි 3ක් ද, පළලින් කි:මි 1ක් ද පමන වන සීගිරිය මුදුනේ විශාලත්වය අක්කර 3කි.

තන්තිරිමලය

    අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශිය ලේකමි කොටිඨාසයට අයත් මේ පුදබිම උතුරින් හා නැගෙනහිර මල්වතු ඔයෙන්ද බටහිරින් විල්පත්තු වනෝද්‍යානයට යාබද වනයෙ...