ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මහනුවර නගරයට ආසන්නයේ පිහිටා ඇති හන්තාන කදු වැටිය ශ්‍රී ලංකාවේ සුන්දරම කඳුවැටියයි. මහවැලි ගගේ අතු ගංගා නිම්න වලින් වෙන්වී ඇති මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1240 ක් දක්වාම විහිදී ඇත. මෙය මහවැලි ගගේ ජල පෝෂක ප්රදේශයකි. කඳුවැටිය හරහා ගලා බසින ගැරඬි ඔය, දොඩම් ඔය, මහ ඔය, ගොල්ල ඔය, කුඩා ඔය වැනි අතු ගංගා රැසකට ජලය ලබාදේ. මෙම කඳුවැටියට ඇතුල් වීම සදහා මාර්ග කිහිපයක් පවති.
* ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විකාශනාගාරයට පිවිසෙන මාර්ගය.
* උඩවලව හන්තාන දක්වා ඇති මාර්ගය.
* මහ කන්ද සරසවිගම දක්වා ඇති මාර්ගය.
දේශගුණය
හන්තාන කදුවැටි මධ්‍යම කඳුකරයේ අතරමැදි තෙත් කලාපයට අයත් ය. මිලිමීටර් 2000ක් පමන වන වාර්ෂික වර්ෂාපතනය වසර පුරා නිරිත දිග හා ඊසාන දිග මෝසම් මගින් පෝෂණය ලබයි. එම නිසා සෙල්සියස් අංශක 23 - 25 අතර උෂ්ණත්වයක් ඇත.
Wow superb✌️✌️
ReplyDeleteMm lassanai sundarathwaya watinwa agayakirima.....
ReplyDeleteLassani yanna hithenwa
ReplyDeleteOh.... superb....👌👌
ReplyDelete