වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන පඩුවස්නුවර රාජධානිය කොළඹ සිට කි:මි 122 ක් ද, කුරුණෑගල නගරයේ සිට කි:මි 30ක් පමණ දුරින් කුරුණෑගල හලාවත මාර්ගයේ පිහිටා ඇත.
වර්තමානයේ දක්නට ලැබෙන පඩුවස්නුවර රාජධානිය අයත් වන්නේ ක්‍රි:ව 12වන සියවසට ය. පොළොන්නරුව රාජධානියේ පළමු රජතුමා වු මහා විජයබාහු රජුගේ කාලයේ මයා රට පාලනය ලබාගත් ඔහුගේ පුත් පරාක්‍රමබාහු යුව රජතුමා ස්වකීය රාජධානිය බවට පත්කර ගත්තේ පඩුවස්නුවර රාජධානියයි. ඒ අවදියේදි මෙම ප්‍රදේශය පරාක්‍රම පුර නමින් හදුන්වනා තිබේ.
මෙම ජනප්‍රවාද වලට අනුව මෙම ප්‍රදේශය විජය රජුගෙන් පසුව රජ වී පැමිණි පණ්ඩුවාසුදේව රජුගේ බවටද මතයක් පැවතුනත් එය ඔප්පු කළ පෙන්වීමට තරම් ප්‍රමානවත් සාධකයන් හමුවි නැත. හෙක්ටයාර 20ක් පමණ භූමි ප්‍රමාණයක පවතින පඩුවස්නුවර රාජධානිය පුරාවට කැනීමි නොකරන ලද ස්ථාන ද තවමත් ශේෂව පවති. මෙම ප්‍රදේශය ට ඇතුළු වීමත් සමග දක්නට ලැබෙන්නෙ පරාක්‍රමබාහු රජුගේ රාජ මාලිගයේ නටඹුන්ය. රාජ මාලිගයට අයත් ප්‍රදේශය පිටතින් මි: 6ක් පමණ පළල දිය අගලකින් වටකොට ඇත. මැද මිදුල කින් සමන්විත වන රජ මාලිගය සර්ව සම්පූර්ණ සාදා තිබු බවට සාක්ෂි තවමත් දක්නට ඇත. මෙහි භූමි සැලස්ම පොළොන්නරුවේ දක්නට ලැබෙන පරාක්‍රමබාහු රජතුමාගේ මාලිගයහි සැලසුමට බෙහෙවින් සමානයි. රාජ සභාවේ රජුගේ සිංහාසනය පවා තිබු ස්ථානය හදුනාගෙන ඇත.
12 වන සියවසේ බොහෝ නිර්මාණ වල මෙන්ම මෙම ස්ථානයට වරක් පැමිණි කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු විසින් ස්ථාපනය කරන ලද සෙල්ලිපියක්ද දක්නට ලැබේ. නමුත් එහි සදහන් කරුණු මොනවදැයි යන්න හදුනා ගැනීමට නොහැක.
ඇතුළු නුවර මාළිගයට උතුරින් හා දකුණින් සංඝාවාසය කිහිපයක නටඹුන් දක්නට ලැබේ. එම සියලුම පිළිමවල්, ආවාස, උපෝසථාගාරය, දාගැබ් හා බෝධිඝර යන පංචායතන වලින් පරිපුර්ණයි.
Superb post👌👌
ReplyDeleteNice Post...
ReplyDelete