මිරිසවැටිය චෛත්‍යය ඉදි කිරීම සමිබන්ධව ප්‍රධාන මත දෙකක් තිබේ. එයින් වඩාත් ප්‍රසිද්ධ හා ඓතිහාසික මතය මිරිස් මාලුව හා සමිබන්ධ කථා පුවතයි. මහා වංශයේ සඳහන් පරිදි දුටුගැමුණු රජු අත පසුවීමකින් භික්ෂූන්ට අග්‍ර කොටසට පිළි නොගන්වා මිරිස් මාලුවක් ආහාරයට ගත් නිසා මිරිසවැටිය නමින් දාගැබක් ඉදිකර එය භික්ෂූන් වහන්සේලාට පිළිගැන්වු බවයි. අනෙක් මතය නමි දුටුගැමුණු රජු එළාර රජු සමඟ සටන්කොට ජය ලබා අභිෂේක කොට හත්වැනි දින ජල කෙලියට තිසා වැවට බසින විට මිරිසවැටිය ඉදිකර ලද ස්ථානයේ තම සධාතුක ජය කොන්තය තැබූ බවත් පසුව එය ගැන්මට හැදුවත් එය සෙලවීමට නොහැකි වු බවත් එයද තැන්පත් කොට මිරිසවැටිය කරවූ බවත් ද කියවේ. ථුපයේ හා ආරාමයේ වැඩ වසර තුනකින් නිම කරන ලද අතර මිරිසවැටි උත්සවයට භික්ෂූ භික්ෂුණීන් ලක්ෂ දෙකක් පමණ සහභාගි වු බව කියැවේ.
👍👍👍
ReplyDelete