photography

Thursday, November 16, 2017

රිදී විහාරය


කුරුණෑගල නගරයේ සිට කැප්පිටිගල මාර්ගයේ රිදීගම නගරය පසුකර මදක් දුරට යන විට අඩි 200ක් පමන උස කදු මුදුනක පැරණි කටාරම් කෙටූ ගල්ලෙන්, ගල් ගුහා සහ පොකුණු ආදියෙන් සැදි පුරාවිද්‍යාත්මක  වට්නාකමකින් යුත් ආරාමයක නටඹුන් දැකිය හැක. අවු: 2000ක් පමණ ඉතා දිගු ඉතිහාසයක් ඇති මුල් කාලයේ දී වනවාසී රහතන් වහන්සේලාගේ සේනාසනයක් ලෙස මෙම රිදී විහාරය පැවති ඇත. ලංකා ඉතිහාසය තරම්ම දිගු ඉතිහාසයක් මෙම විහාරය ඇත. මෙය රිදීගමට සමිබන්ධ වන්නේ දුටුගැමුණු රජුගේ පුවත ඇසුරිනි.

           රිදී විහාරයේ නටඹුන් ප්‍රධාන කොටස් 3කි. එනමි මහා විහාරය, උඩ විහාරය හා වරකා වැළදු විහාරය යනුවෙනි. මෙම කොටස් තුනහිම ගල්ගුහා ඇත.  මෙයින් පැරැණිතම විහාරය වන්නේ උඩ විහාරයයි. එයට ඇතුළුවන දොරටුව අසල ඇති තොරණේ දේව රුප හා සත්ව රූප වලින් හින්දු සමය නිරුපණය කරයි.

         උඩ විහාරයට යාමට ඇති දොරටුව අසල ඇත්දළ කැටයමි වලින් යුත් උළුවස්ස රිදී විහාරයේ ප්‍රකට කැටයමකි. දේශීය කැටයමි වලින්  අලංකාර කර ඇති මෙය ලංකාවේ එකම ඇත්දළ උළුවස්සයි. මෙම විහාරය තුළ ඇති ප්‍රතිමාවන් අතර රන් ආලේපිත පිළිමය, දහ අට රියන් සැතපෙන පිළිමය., මෛත්‍රි බෝසත් පිළිමය ඉතා පැරැණි එවා වේ. එහි ඉදිරියෙ ඇති මල් අසුන අන් කිසිදු ස්ථානයක දක්නට නැති පිගන් ගඩොල් සවිකර ඇත. මෙම පිගන් ගඩොල් මහනුවර සමයේ සවිකර එවා වේ. සැතපෙන පිළිම පාමුල දුටුගැමුණු රජුගේ රුව ද, මෛත්‍රී බෝධිසත්ව පිළිමයද අඹා ඇත. මෙම පිළිමයට සමාන්තරව වම් පැත්තේ හිටි පිළිම නවයකි. මෙම ලෙන් විහාරය මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදාය නිරුපණය කරයි. උඩ විහාරය වැදගත් වන්නේ එහි ඇති සිතුවම් නිසාය.

         මෙම විහාරයේ තවත් වැදගත් අංගයක් ලෙස වරකා වැළදු විහාරය හැදින්විය හැකිය. එය තනි කළුගලින් නිමවුවකි. එම ලෙන තුළ බුදුරුව සහිත මල් අසුනක්ද, පිටත ශෛලමය මණ්ඩපයක් ලෙසද නිමවා ඇත. ඒ තුල සමාධි පිළිමය හා ඊට පිටුපස මකර තොරණ ඇත. එය රහතන් වහන්සේලා වරකා වැළදු තැන ලෙස සලකයි. මෙය මුර්ති හා කැටයමි වලින් පිරී පවති. එම නිර්මාණ තුළද හින්දු බලපෑම් කැපී පෙනෙයි.

    මෙහි අනෙක් වැදගත්ම අංගය වන්නේ විහාරය පිහිටි ස්ථානය හෙවත් සැලසුම්ගලයි. ඉපැරණි ආරණය සේනාසනයක්ව පැවති සමයේ මේ ස්ථානයේ වැඩ සිටි රහතන් වහන්සේලා හා යෝගාවචරභික්ෂූන් වහන්සේලා භාවනායෝගීව සිටිමත් වෙනත වතාවත් සදහා සැරසුනු ගල් තලාව කි.
     
     

2 comments:

තන්තිරිමලය

    අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශිය ලේකමි කොටිඨාසයට අයත් මේ පුදබිම උතුරින් හා නැගෙනහිර මල්වතු ඔයෙන්ද බටහිරින් විල්පත්තු වනෝද්‍යානයට යාබද වනයෙ...