අටමස්ථානයන්ගෙන් සුවිශේෂීතම සිද්ධස්ථානක් ලෙස රුවන්වැලි මහා සෑය දැක්විය හැකිය. අනුරාධපුර නව බස් නැවතුම්පොළහි සිට කි: ම 2ක් පමණ පුජා නගරයට අවතීර්ණ වීමට ඇත. දෙවන පෑතිස් රජු රුවන් මලුව නමි ශිලා ස්ථම්භයක් තම මුණුපුරකු අනාගතයේදී මෙම ස්ථානයක් කරවන බව සඳහන් කර ඇත. මෙය දැක දුටුගැමුණු රජු මෙහි මහා සෑය කරවූ බවත් පසුව එය රුවන්වැලි සෑය ලෙස ප්රරසිද්ධ වී ඇත. මහා වංශයේ සඳහන් වන ලෙස විෂ්කම්භයෙන් අඩි 370ක් පමණ වු ස්තුපය ගිලා නොබැසීම සදහා රියන් සතක් ගැඹුරට අත්තිවාරම් කපා ගල් දමා ඇතුන් ලවා පගවා සිනිදු මැටි යොදා යකඩ දැල් දමා ශක්තිමත් කර අයුරු සදහන් කොට ඇත. ධතු ගර්භය ගල් පුවරු හයකින් යකඩ දැල් දමා ශක්තිමත් කර අයුරු සදහන් කර ඇත.
ධාතු ගර්භය ගල් පුවරු හයකින් නිමවා ඇත. එහි රතින් කළ බෝ රුකක් හා එහි සෙවනේ වැඩ සිටින බුදු පිළිමයක් ද ශක්ර, බිරහ්ම, පංච, සිඛ, කළ නාග පිරිවරද තැබිය. බුද්ධ චරිතයේ බොහෝ කථා සිතුවමට නගා ඇත. මෙහි වැඩ දුටුගැමුණු රජ සමයේ නිමාකළ නොහැකි වුයෙන් සද්ධාතිස්ස රජු සතරැස් කොටුවේ ඉහලින් ජත්ර ය ලංජ තිස්ස රජු පේසාවේ ගල් ඇලවීමද සිදු කර අතර සතරැස් කොටුව, දේවතා කොටුව සහ කොත් කැරැල්ල පස්වන සියවසෙන් පසුව ඉදිකර ඇත. ධාතුසේන රජු මෙහි ජත්ර ය පිළිසකර කර ඇත. රුවන්වැලි සෑය ආශ්රිත වෙනත් කැටයමි හසථිවේදය, ඇත් පවුර, පස් පිළිම ගෙය, බුදුරදුන්ගේ සිරිපතුල පිහිටි ගල, කඩොල් ඇතුගේ ගල, සළපත මලුවේ කවය, කීර්ති ශ්රී නිශ්ශංකමල්ල ලිපිය භාතිකාභය රූපය හා දුටුගැමුණු රූපය ගල් ටැඹ, ශිලා චේතිය, එළාර සොහොන යන ස්ථානයන් ද මේ අසල පිහිටා ඇත.
Nice....
ReplyDeleteWow good job👌👌👌👌
ReplyDelete