අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශිය ලේකමි කොටිඨාසයට අයත් මේ පුදබිම උතුරින් හා නැගෙනහිර මල්වතු ඔයෙන්ද බටහිරින් විල්පත්තු වනෝද්‍යානයට යාබද වනයෙන්ද දකූණින් මහ විලචිචිය ගොවි ජනපදයට දිවෙන මාර්ගයෙන්ද සීමා වී තිබේ.
වසරේ වැඩි කලක් වීයළි දේශගුණයෙන් බැටකන ගමිමාන රාශියක් විහාරය වටා පැතිර පවති. දෙමටමල්ගම, නෙලුමිවිල, සදමල්එලිය, තුප්පිටියාව, නවෝදාගම, මහඇහැටුවැව, ඔයාමඩුව යන ග්රාමසේවක වසමි විහාරය පිරිවරා පිහිටා ඇත.
තන්තිරිමලය යනු ශ්‍රී ලංකාවේ ඉපැරණි ජනාවාස වලින් එකක් පමනි. මහින්දගාමනයට පෙර සිටම ශ්‍රී ලංකාවේ ජනාවාස පැවති බවට තන්තිරිමලය ප්‍රදේශය සාක්ෂි දරයි. මුල්භාගයේ සිට අනුරාධපුර යුගයේ අගභාගය දක්වා විහිදෙන දීර්ඝ කාල පරිච්ඡේදයකට අයත්වන
● කැටයමි සහ වාස්තු විද්‍යාත්මක නිර්මාණ
● ශිලාලේබන
● චිත්‍ර හා මුර්ති
● මිනිසුන් භාවිතා කල මෙවලම්
● ආගමික නිර්මාණ
මෙහිදි දැක බලාගත හැකිය. ජනප්‍රවාද සහ ඓතිහාසික මුලාශ්ර අනුව මෙහි සිට වයඹ දිග මුහුදු වෙරළ දක්වා සක්රිය ජනාවාස පැවති බවට සාදක පවති. අනුරාධපුර නගරයේ සිට කි:මි 36ක් පමන වයඹ දෙසින් විල්පත්තු ජාතික වනෝද්‍යානයට නැගෙනහිර සිමාවට ලංව මල්වතු ඔය වමි ඉවුරෙ මහවිලච්චිය ප්‍රදේශිය ලේකම් කොටිඨාසයේ 336 ග්රාම නිලධාරි වසමට අයත් අක්කර 200ට වඩා වැඩි ශීකර සහිත භුමි ප්‍රදේශයක් තුළ පිහිටා තිබෙන තන්තිරිමලය පුරාණ රජමහාවිහාරය ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන අතර කැපි පෙනේ.