photography

Tuesday, November 14, 2017

අරන්කැලේ.

        කුරුණෑගල නගරයේ සිට කි: මි 20ක් පමණ දුරින් පිහිටි අරන්කැලේ ඓතිහාසික පුණ්‍ය භූමිය වෙත ලගා විය හැක්කේ කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉබ්බාගමුව මොරගොල්ලාගම මාර්ගයේ කුඹුක්වැව නගරය ආසන්නයේ ඇති ගොඩගාල හන්දියෙන් හැරී බැන්නක්ගම මාර්ගයේ සැතපුම් 2  1/2ක් පමණ දුර ගමන් කිරීමෙන්
  
            අරන්කැලේ ඓතිහාසික විහාරාරාම සංකීර්ණය ඓතිහාසික වශයෙන් ඉමහත් වැදගත්කමක් උසුලන ප්‍රදේශයකි. මෙම නටඹුන් එකල අනිවාර්යයෙන්ම භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතාවයන් ඉටුකිරීම සදහා ඉදිකර තිබූ බව සනාථ වී ඇත. එහෙත් මෙම ආරාම සංකීර්ණය ගැන හැදෑරීමට ඇති ලිඛිත මුලාශ්‍ර සීමිතය.

         පුරාවිද්‍යා භූමියේ නටඹුන් ක්‍රි : ව 6 වෙනි 7 වෙනි සියවස් වල අයිති පුරාවිද්‍යාත්මක අංග ලක්ෂණ විදහාපාන බව පුරාවිද්‍යාත්ඥයින්ගේ මතයයි. මෙම ස්ථානය මලියදේව මහරහතන් වහන්සේට පුජා කළ බව තල්පත්වල සදහන් වේ.
   
                  රිදී විහාරය කරවා ආපසු එන ගමනේදී දුටුගැමුණු රජු මෙම ස්ථානයේ ඇති ගල්ලෙනක් දැක විහාරයක් කරවන්නට සුදුසු තැනක් යැයි සද්ධාතිස්ස රජු මෙම ස්ථානයේ පොකුණු හා කුටි ඉදිකර මලියදේව රහතුන් වහන්සේට පුජා කල බවත් ජනප්‍රවාදයේ එයි.

මෙම විහාරය හදුන්වා ඇති නම්.

    අරම විහාරය, දුම පබිබත විහාරය

          මෙම ස්ථානයට අරන්කැලය යන නම අනුවර්තනය වූයේ කෙසේ දැයි සොයා බලන විට පෙනීයන්නේ අරන් යනු රහත්, අරහන් යන්නද කැලේ හෙවත් වන පෙත යන්න ගලපා බැලු විට රහතුන් වහන්සේලා විසු කැලය අරහන් කැලය බවට පත් වු බවට මතයක් තිබෙයි.
     
        අරන්කැලේ ආරණ්‍ය සේනාසනයේ විශාලත්වය ගැන සලකා බලන විට භික්ෂූන් වහන්සේලා සැලකිය යුතු ප්‍රමාණයක් මෙම ස්ථානයට එක්ව එකවර ස්නානය කිරීමට සැලසුම් කරන ලද්දක් බව පැහැදිලිව පෙනේ. මෙම ස්ථානයේ හමුවී ඇති සක්මන් මලුව නොහොත් චක්මනාගාරය ගොඩනැඟිලි වලින් වටිනාම ඒකකය වේ. මෙම ඒකකය අංගසම්පූර්ණ එකකයක් ලෙස අතීතයේ පැවති ඇත. මෙහි සාමාන්‍ය චංකමනයක් ලෙස නොවන සක්මන් මාරුවක් ලෙස හදුන්වනු ලබන්නේ එයට වහලයක් තිබු හෙයිනි. ශ්‍රී ලංකාවේ වහලයක් සහිතව තිබු එකම චක්මනාගාරය ලෙස ඔප්පු කර දැක්විය හැකි සාධක තිබේ. මෙහි දිග මි : 2840ක් ද, පළල මි: 16.88 කින්ද සමන්විත වේ.

          මෙයට ඉදිරියෙන් ඇති පෙත් මගට මි:1 ක්‍ පමන වු පියගැටපෙළින් වමට හැරුණු විට හමුවන විශාල ගොඩනැඟිල්ල ආරාමයක් යැයි හදුනාගෙන ඇත. මෙය සිමා මාලකයක් ලෙස ද හදුන්වනු ලබයි. එසේ හැදින්විමට හේතුව නම් දිග අගලකින් වටකොට තිබීමයි. 

           මේ අසලම තවත් කුටියක් ඇත. එය හදුන්වන්නේ "සමිමුචලෙන" යන නාමයෙනි. ඇතැමි විට ආරන්ය සේනාසනයේ පැමිනෙණ ගිහියන් කෙලින්ම එහි නිවැසි භික්ෂූන් වහන්සේලා වෙත නොපැමිණමේ කුටි තුල නවාතැන් ගන්නට ඇතැයි සැලකිය හැකිය. මෙම කුටියෙත්, ප්‍රධාන භික්ෂූන් වහන්සේලා වැඩ සිටින සංඝාවාසය අතර ඇති දුර ප්‍රමාණයත් පිහිටිම සලකන විට මෙම නිගමනයට බැසිමට එතරම් අසීරු නොවේ. මෙම කුටියේ බිම සවකසට ඇත්තේ මනාව සකසන ලද ගල් පුවරු සතරකිනි. මෙම ගොඩනැඟිල්ල අඩි 15 × 15 ප්‍රමාණයේ කුඩා සමචතුරශ්‍රාකාරකින් යුක්තයි.

               මෙම භුමියේ පධානඝරය නමින් හදුන්වනු ලබන ගොඩනැඟිල්ලක් ඇත. මෙය ඉතා හොදින් ආරක්ෂා වී ඇත. එය ගල්පාලමක් මගින් සමිබන්ධ කරන ලද ආයත චතුරශ්‍රාකාර වේදිකා දෙකකින් සමන්විත වේ. මෙයට පිවීසීමට උතුරින් හා දකුණින් කුඩා සෝපාන පථ දෙකකි. වම් පස ඇති මලු වටා දිවෙන පරිදි ජලය මාර්ගයක් ඇත. මෙම ස්ථානයේ ඇති පොකුණු සදහා භුමි භාගය ලෙස තෝරාගෙන ඇත්තේ කන්දේ සිට ගලාගෙන එන දියුණු පහර වලින්  පොකුණු වලට ජලය ලබාගත හැකි වන ආකාරයේය. සමස්ථයක් වශයෙන් බලන විට පොකුණු සියල්ලම ඉදිකර ඇත්තේ පහත් බිමේය. දුර දර්ශී සැලසුමකට අනුව මෙය ඉදිකර ඇත.

              අඩි 21 000ක් පමණ දිග පෙත් මග සකස්කිරීමේදි පිහිටීම අනුව සැලසුමි කොට ඇත. වර්තමානයේ මෙහි දෙපස ඉතා පැරණි රූස්ස ගස් වලින් යුක්ත වේ. පෙත්මග දිගේ ගමන් කරන විට චක්ර මණ්ඩපයක් යයි හැදින්වෙන ගලින් සැකසු කවාකාර මළුවක් හමු වේ. පෙත්මග අවසානය වන්නේ දැනට හමුවී ඇති ඉපැරණි ලෙනකි. මේ පෙත්මග හරහා ගලන ජලය පිටවී යාම සදහා සදහා ගල් පාලමි 4ක් ඇත. කන්දේ ගලා බස්නා ජලය මේ පාලමි ඔස්සේ ගොස් විශාල ජලාශයකට එක්රැස් වේ. පෙත්මග අවසානයේ ඇති ගල්ලෙන ඉදිරිපස කොටස ගලෙන් බිත්තියක් බැද සකස්කොට ඇත. ඊට ඉදිරිපස ආලින්දයක් ද ගලින් නිර්මාණය කොට තිබිණි. 

           මෙම පෙත්මග අවසානයේ ඇති ගල්ලෙනේ ඉදිරිපස කොටස ගලෙන් බිත්තියක් බැද සකස්කොට ඇත. ඊට ඉදිරිපිටින් ආලින්දයක් ද ගලින් නිර්මාණ කොට තිබී ඇත. මෙම ලෙනේ දෙපසින් කුඩා වැටි දෙකකි. මැද කොටස බුදු මැදුරකි. දකුණු පස කුටියෙන් හිස්ය. මේ කූටි දෙකට ආලෝකය හා වාතාශ්‍රය සදහා කුඩා ගල් ජනෙල් කවුළු 2කි. මෙය මලියදේව ලෙනේ වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නමි කර තිබේ. ශ්‍රී ලංකාවේ අවසානම රහතන් වහන්සේ මෙම ලෙන තුළ වැඩ සිටි බව ජනප්‍රවාදයේ එයි.

20 comments:

තන්තිරිමලය

    අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශිය ලේකමි කොටිඨාසයට අයත් මේ පුදබිම උතුරින් හා නැගෙනහිර මල්වතු ඔයෙන්ද බටහිරින් විල්පත්තු වනෝද්‍යානයට යාබද වනයෙ...